-
“අත්තම” ජාතික වැඩසටහන – 2026
2026.08.08 “අත්තම” ජාතික වැඩසටහන යටතේ ක්ලීන් ශ්‍රි ලංකාවක් බිහි කිරීමේ අරමුණින් සියළු රාජ්‍ය ආයතන එක්ව ප්‍රාදේශීය සභා සභාපතිතුමාගේ, ලේකම්තුමියගේ හා ප්‍රාදේශිය ලේකම් තුමියගේ මූලිකත්වයෙන් සිදු කරන ලද ශ්‍රමදාන වැඩසටහන මෙසේ සිදු කරන ලදී.
-
“හෙටකට ඔසු පැළයක්” ඖෂධීය රුක් රෝපණ වැඩසටහන – 2026
2026.08.07 සුව “හෙටකට ඔසු පැළයක් ” ඖෂධීය රුක් රෝපණ වැඩසටහන ගොඩකවෙල ප්‍රාදේශීය සභාව, පුස්තකාලය , පාඨක සමාජය හා ආයුර්වේද වෛද්‍යතුමන්ඇතුළු කාර්යය මණ්ඩලය අත්වැල් බැඳ ගනිමින් සාර්ථකව සිදු කෙරුණි.
-
“සහන හස්තය” ප්‍රථමාධාර වැඩසටහන 2026
ගොඩකවෙල ප්‍රාදේශීය සභාව, ගොඩකවෙල මහජන පුස්තකාලය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය එක්ව සංවිධානය කරන ලද “සහන හස්තය” ප්‍රථමාධාර වැඩසටහන වේරහැර ධර්ම විජය විද්‍යාලයේදී, එච්. එම්. බුද්ධික මහතාගේ සම්පත් දායකත්වයෙන් 2026.05.19 දින පැවැත්විය.
-
අළුත් අවුරුදු උත්සවය 2026 …..
2026.04.24 දින ගොඩකවෙල ප්‍රාදේශීය සභා කාර්යමණ්ඩලය විසින් පවත්වන ලද අවුරුදු උත්සවයේ විශේෂ අවස්ථා…..
-
“නිදහස් දින පා ගමන හා නිදහස් දින වැඩසටහන 2026”
78 වන ජාතික නිදහස් දින ජාතික වැඩසටහනට සමගාමීව ගොඩකවෙල ප්‍රාදේශීය සභාව හා ගොඩකවෙල පොලිසිය විසින් සංවිධානය කරන ලද “නිදහස් දින පා ගමන හා නිදහස් දින වැඩසටහන“ප්‍රදේශයේ ප්‍රධාන පාසල්වල දුදරුවන්ගේ,රාජ්‍ය ආයතනයන්හි නිලධාරින්ගේ,වෙළඳ ප්‍රජාවගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් 2026.02.04 වන දින පවත්වන ලදී.
-
“නිකසල පුරයක් – සුවබර දිවියක්” ආපදා පවිත්‍රතා හා ඩෙංගු මර්ධන ජාතික වැඩසටහන 2026
නිකසල පුරයක් – සුවබර දිවියක්” ආපදා පවිත්‍රතා හා ඩෙංගු මර්ධන ජාතික වැඩසටහනට සමගාමීව ගොඩකවෙල ප්‍රදේශයේ සියළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සංවිධාන හා මහජන සහභාගිත්වයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද ඩෙංගු පැතිරීම වලක්වාලීම හා කසළ කළමණාකරණය පිළිබද ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන අද දින ගොඩකවෙල නගරය තුල සිදුකරන ලදී.
-
ලෝක ළමා දින සැමරුම 2025 – ගොඩකවෙල මහජන පුස්තකාලය
ලෝක ළමා දිනය සමරමින් 2025.10.01 දින ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සහ ගොඩකවෙල මහජන පුස්තකාලය එක්ව ළමා පාඨකයන් වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කරන ලදී.
-
“ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්න” ලෝක ළමා දිනය 2025
මෙවර ලෝක ළමා දින තේමාව සමගින් ගොඩකවෙල ප්‍රාදේශිය සභාවේ සෟභාග්‍යා පෙරපාසලේ දූ පුතුන් නැටුම්, ගැයුම්, වැයුම්, ක්‍රීඩා හා ත්‍යාග සමගින් ඔවුන්ගේ දිනය සැමරීම සිදු කෙරින.
-
පළාත් පාලන සතිය – 2025 වැඩසටහන් මාළාවේ සහතිකපත් ප්‍රධානය සහ සමාප්ති උළෙල
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පළාත් පාලන සතිය – 2025 වැඩසටහන් මාළාවේ සහතිකපත් ප්‍රධානය සහ සමාප්ති උළෙල 2025.09.21 වන දින පැවැත්විය. දින හතක් පුරාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් තේමාකරගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන් මාලාව අති සාර්ථක ලෙස පැවැත්වීමට සහයෝගය ලබාදුන් ගොඩකවෙල ප්‍රදේශයේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික ආයතන හා සියළුම මහජනතාවට තුති.
-
මහජන උපයෝගිතා හා ක්‍රීඩා දිනය පළාත් පාලන සතිය – 2025
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව, මහජන උපයෝගිතා හා ක්‍රීඩා දිනය වෙනුවෙන් ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද ගොඩකවෙල නගරයේ රාජ්‍ය ආයතන අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී පසුගියදා පැවැත්විය.




















