Pradeshiya Sabha Godakawela
Godakawela Attractions
Clean Sri Lanka
Dengue Alert
පළාත් පාලන සතිය ‘Punarudaye Purawara’ 2025
previous arrowprevious arrow
next arrownext arrow
 
  • සෞඛ්‍ය හා සමීපාරක්ෂක දින වැඩසටහන – පළාත් පාලන සතිය – 2025

    සෞඛ්‍ය හා සමීපාරක්ෂක දින වැඩසටහන – පළාත් පාලන සතිය – 2025

    “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව, ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද සෞඛ්‍ය හා සමීපාරක්ෂක දින වැඩසටහන අද (2025.09.17) ගොඩකවෙල නගරයේ දී සිදුකෙරිණ. මේ සදහා ගොඩකවෙල ප්‍රාෙද්ශීය සභාව, ගොඩකවෙල ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ගොඩකවෙල පොලිස්ථානය, මාර්ග සංවර්ධන අධිකාරිය හා තරුණ සේවා සභාවේ නිලධාරීන් සම්බන්ධ වූ…

  • රුක් රෝපන වැඩසටහන – පළාත් පාලන සතිය – 2025

    රුක් රෝපන වැඩසටහන – පළාත් පාලන සතිය – 2025

    “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව, ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද රුක් රෝපන වැඩසටහන අද දින (2025.09.16) ඓතිහාසික සිංහරාජ ආරණ්‍ය සේනාසනය මූලික කර ගනිමින් සිදු කරන ලදී.

  • සමාරම්භක උත්සවය හා ජංගම සේවා දිනය – පළාත් පාලන සතිය – 2025

    සමාරම්භක උත්සවය හා ජංගම සේවා දිනය – පළාත් පාලන සතිය – 2025

    “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2025. සමාරම්භක උත්සවය හා ජංගම සේවා දිනය 2025.09.15 දින ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, දිස්ත්‍රික් කම්කරු කාර්යාලය, ප්‍රජා ජල සංවිධානය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ගොඩකවෙල පොලිස්ථානය, රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි සහභාගිත්වයෙන් ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය.

  • “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2025

    “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2025

    පුනරුදයේ පුරවර – “පළාත් පාලන සතිය 2025” 2025.09.15 – ජංගම සේවා දිනය 2025.09.16 – පරිසර හා රුක්රෝපණ දිනය 2025.09.17 – සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය 2025.09.18 – ආදායම් ප්‍රවර්ධන දිනය 2025.09.19 – සාහිත්‍ය අධ්‍යාපන හා පුස්තකාල දිනය 2025.09.20 – මහජන උපයෝගිතා දිනය 2025.09.21 – සහතික පත් ප්‍රදානය හා සමාප්තිය ඔබටත් අප සමග අත්වැල් බැඳ ගැනීමට ආරාධනා..

  • අභිනව සභාපතිතුමන් විසින් ධුරයේ වැඩ ආරම්භකිරීම

    අභිනව සභාපතිතුමන් විසින් ධුරයේ වැඩ ආරම්භකිරීම

    ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සදහා අභිනවයෙන් තේරී පත්වූ නව ගරු සභාපති ඩී.ඒ.ජී. කුලරත්න මහතා විසින් සභාපති ධූරයේ වැඩ ආරම්භකිරීම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ගරු අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද දින (2025.06.25) මහා සංඝරත්නයේ හා සර්වාගමික පූජකතුමන්ලාගේ ආශිර්වාදයෙන් සිදුකෙරිණ.

  • ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කරගැනීම 2025-06-20

    ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කරගැනීම 2025-06-20

    2025-06-20 දින පැවති ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම මගින්, නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ දන්දෙනි ආරච්චි ගමගේ කුලරත්න මැතිතුමා තේරී පත් වූ අතර, උප සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ගැටගහවත්තෙ සුමිත් අනුරුද්ධ මැතිතුමා තේරී පත් විය. නව සභාපතිවරයා ඇතුළු සභික මණ්ඩලයට…

  • ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මැයි 19/20/21

    ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මැයි 19/20/21

    රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය,වසංගත රෝගී තත්ත්වයක් ලෙස ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින නිසා ඩෙංගු මර්දනය සඳහා ඒකාබද්ධ වැඩසටහනක් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදී. මෙහි දී, ධුමායන කටයුතු සිදුකිරිම මෙන් ම ආයතන,නිවාස,වෙළඳ ස්ථාන,ඉදිකිරිම් පරිශ්‍ර,පොදු ස්ථාන පරීක්ෂා කිරිම හා ඩෙංගු අවදානම පිළිබඳව මහජනතාව දැනුවත් කිරිම් කටයුතු, ගොඩකවෙල ප්‍රාදේශීය සභාව, ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය…

  • රක්වාන උප කාර්යාලය විසින් සංවිධානය කරන ලද කඩල දන්සල

    රක්වාන උප කාර්යාලය විසින් සංවිධානය කරන ලද කඩල දන්සල 2025.05.14 දින ප්‍රජා සහභාත්වය සමග ඉතා සාර්ථකව පවත්වන ලදී.

  • ඩෙංගු මර්ධනය හා කාණු ගොඩදැමීමේ වැඩසටහන 2025.04.29 රක්වාන නගරය

    ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ ලේකමතුමියගේ මගපෙන්වීම හා සහභාගීත්වයෙන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන එක්ව සංවිධානය කරන ලද ඩෙංගු මර්ධනය හා කාණු ගොඩදැමීමේ වැඩසටහන 2025.04.29 දින රක්වාන නගරය තුල සාර්ථකව සිදු කරන ලදී.

  • Clean Sri Lanka වැඩසටහන රක්වාන රෝහල වාට්ටු අංක 05 පිරිසිදු කිරීම

    Clean srilanka වැඩසටහන යටතේ 2025.03.05 දින රක්වාන රෝහලේ වාට්ටු අංක 05 ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රක්වාන උප කාර්යාලයේ සහභාගීත්වය

September 2026
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ගරු සභාපති – ඩී. ඒ. ජී. කුලරත්න

ලේකම් – ජේ. එම්. ශිරාණි වීරවර්ධන