-
77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු!
සජීවී විකාශය – https://www.youtube.com/live/Abhk5VBoWxQ?si=ro0zidGx_g4utmez
-
Clean Sri Lanka පළමු අදියර 2025.01.31 රක්වාන උප කාර්යාලය
Clean Sri Lanka වැඩසටහනේ පළමු අදියර ලෙස, 2025.01.31 දින රාජ්‍ය හා පෞද්ගලික ආයතන එක්ව සංවිධානය කරමින්, රක්වාන නගරය හා නගර ආශ්‍රිත ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු ඉතා සාර්ථකව සිදු කරන ලදී.
-
“Clean Sri Lanka” ජාතික වැඩසටහන 2025
“Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ පාරිසරික අංශයේ සබරගමුව පළාත් වැඩසටහනට සමගාවීව ගොඩකවෙල නගරයේ පාරිසරික පිරිසිදු බව හා තිරසරබව ඉලක්ක කරගනිමින් 2025.01.31 දින Clean Sri Lanka වැඩසටහන සාර්ථක ලෙස ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන සමාජීය හා සදාචාරාත්මක අංශවලින්ද තවදුරටත් සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, සිවිල් සංවිධාන හා මහජනතාවගේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස පුළුල්ව සම්බන්ධ කරගනිමින්…
-
ස්වයං රැකියා පුහුණු වැඩසටහන
ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ ලේකම් ශිරාණි වීරවර්ධන මහත්මියගේ මගපෙන්වීම යටතේ කාන්තාවන් හා ගැහැණු ළමුන් ආර්ථික වශයෙන් බලගැන්වීම සදහා 2025.01.28 වන දින අත්පලදනා හා හිස්පලදනා සැදීමේ ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරින්ට ද ස්තුතිය පුද කරමි.
-
ජංගම ආයුර්වේද වෛද්‍ය සායන වැඩසටහන 2025/01/18
ජංගම ආයුර්වේද වෛද්‍ය සායන වැඩසටහන මාදම්පේ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී 2025/01/18 දින පැවැත්විණි. එම වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් විහාරාධිපති හිමියන්ට ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ කෘතඥතා පූර්වක ස්තූතිය පිරිනමමු.
-
2025 වසර – රාජකාරී කටයුතු ඇරඹීම
2025/01/01 දින උදෑසන මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් හා ආශිර්වාද පිරිත් සජ්ඣායනය කිරීමෙන් අනතුරුව, රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම හා නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදුකෙරින. ඔබ සැමට සුභ නව වසරක් වේවා..















