වීථිරේඛා සහ නොපරවා ගැනීමේ සහතික පත්‍ර නිකුත් කිරීම
අවශ්‍ය ලියවිලි
- අයදුම් පත්‍රය
- ඔප්පු පිටපත
- මිනින්දෝරු සැලැස්ම
ක්‍රියා පටිපාටිය
- නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය හා වීථිරේඛා සහතිකය ලබා ගත යුතු මිනින්දෝරු සැලසුම හා එයට අදාල ඔප්පු පිටපත කාර්මික නිලධාරී වාර්තාව සඳහා යොමු කිරීම.
- කාර්මික නිලධාරී පරීක්ෂාවෙන් හා නිර්දේශයෙන් පසුව වරිපනම් බදු ගෙවා ඇති දැයි පරීක්ෂා කිරීම සඳහා අදාළ විශය නිලධාරියා වෙත යොමු කිරීම.
- රු. 850.00ක මුදලක් ගෙවිය යුතු ය.
- අයදුම්පත්‍ර ගාස්තු – රු. 100.00
- සහතික පත්‍ර ගාස්තු – රු. 750.00
👉 වීථිරේඛා හා නොපරවා ගැනීමේ සහතිකයක් ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය
