ගොඩකවෙල පොදු වෙළඳපල

ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සතුව ගොඩකවෙල නගරයේ සහ රක්වාන නගරයේ පොදු වෙළඳපල (සතිපොළ) මධ්‍යස්ථාන දෙකක් පවතින අතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ එදිනෙදා පරිභෝජන අවශ්‍යතා සපුරාලීමේ හා වෙළඳුන්ට තම භාණ්ඩ විකිණීමේ පහසුකම් සලසා දීමේ අරමුණින් මෙම සතිපොළ පවත්වාගෙන යනු ලබයි.

  • ගොඩකවෙල සතිපොළ පැවැත්වෙන දිනයන් – අඟහරුවාදා, සෙනසුරාදා
  • ගොඩකවෙල තොගපොළ පැවැත්වෙන දිනයන්- සදුදා, සිකුරාදා
  • රක්වාන සතිපොළ පැවැත්වෙන දිනයන් – බදාදා, ඉරිදා

සපයන සේවාවන්

  • පිරිසිදු හා නැවුම් එළවළු හා පලතුරු ලබා ගැනීමට ජනතාවට පහසුකම් සැලසීම.
  • ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථීක තත්වය ශක්තිමත් කිරීම සඳහා දායක වීම.
  • සතිපොළ නොමැති දිනයන්හි දී විවිධ වැඩසටහන් හා උත්සව සඳහා සතිපොළ ගොඩනැගිල්ල ලබා දීම
  • නව රැකියා උත්පාදනය අවස්ථා ලබා දීම.

සතිපොල ගාස්තු අයකිරීම් ලැයිස්තුව බාගත කරගන්න