

ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සතු ගලහිටිය ප්‍රදේශයේ පිහිටා ඇති සෞභාග්‍යා පෙරපාසල ප්‍රදේශයේ කුඩා දරු දැරියන්ට පෙරපාසල් අධ්‍යාපනය සඳහා ඉමහත් තෝතැන්නක් වී ඇත.
2025 වර්ශයේ දී පළාතේ හොඳම පෙරපාසල බවට පත්වීම සඳහා වූ දැක්මත් ; දැනුම, ආකල්ප සහ කුසලතා වර්ධනයෙන් සපිරි ගුණ නැණ බෙලෙන් යුතු දරුවකු සමාජ ගත කිරීම යන මෙහෙවරත් පෙරදැරි කරගත් සෞභාග්‍යා පෙරපාසල මගින්,
- ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී දරුවන්ට නොමිලේ පෙරපාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සලසා තිබීම.
- පෙරපාසලට ඇතුළත්වන දරුවන්ට වාර්ෂිකව නොමිලේ නිළ ඇඳුම් ලබා දීම.
- විවිධ උත්සව පැවැත්වීමේදී දරුවන්ට ත්‍යාග ලබා දීම.
- සායනවලට දරුවන් ඇතුළත් කිරීම හා පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
යන සුවිශේෂී ප්‍රතිලාභ ලබා ගත හැකිය.
දු.ක. – 0764653871 , 0775053871 (WhatsApp)