ක්ෂද්ර කර්මාන්ත හා අවිධිමත් කර්මාන්ත සදහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබා දීම.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 (14) වගන්තිය පරිදි රජය විසින් ජනතාවගේ යහපත උදෙසා පරිසරය ආරක්ෂා කර පවත්වාගෙන යා යුතු වේ.ඒ අනුව පරිසර සංරක්ෂණය රජයේ ප්‍රධාන කර්තව්‍යයක් වන අතර රජයේ ප්‍රතිපත්තිය වන සෞභාග්‍යයේ දැක්ම තුළ ඇතුළත් වන ප්‍රධාන ප්‍රතිඥාවක් ලෙස තිරසර පරිසර කළමණාකරණය ඇතුළත්ව ඇත.
එසේම ගෝලීය තිරසාර සංවර්ධන අරමුණුවලද පරිසරය සුරකීම ප්‍රධාන කර්තව්‍යයක් ලෙස දක්වා ඇත.මේ අනුව රජයේ ප්‍රධාන වූ ප්‍රතිපත්තියක් වන පරිසර සංරක්ෂණය සඳහා වු නීති අණපනත් පනවා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන, රජය විසින් පිහිටුවා ඇත.
අරමුණු
1. ක්ෂුද්‍ර කර්මාන්ත හා අවිධිමත් කර්මාන්ත සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම විධිමත් කිරිම.
2. එම කර්මාන්තකරුවන් පරිසර බලපත්‍ර ලබා ගැනීම කෙරෙහි අභිප්‍රේරණය කිරීම.
3. එම කර්මාන්තකරුවන් නගා සිටුවීමට උපකාර කිරීම සහ සහන සැලසීම .
ක්‍රියා කිරීම
1. පරිසර බලපත්‍ර නිකුත් කිරීමේදී සෑම විටෙකම අපක්ෂපාතී,සාධාරණ හා තුලනාත්මක විමර්ශනයක් ක්ෂේත්‍ර පරීක්ෂණ කටයුතු වලදී සිදු කිරීම.
2. ඉඩමේ පිඹුරුපත නොමැති අවස්ථාවල දී ඉඩමේ සිව් දිසා ලකුණු කර දළ සැලැස්මක් ලබා ගැනීමට කටයුතු කිරීම.
3. ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු රු 3000 ක් සහ රු.10,000/= ක් අතර වූ අවම පොදු පරීක්ෂණ ගාස්තුවක් අය කිරීම.
4. එක් කර්මාන්තකරුවෙකු විසින් එකම ස්ථානයක පවත්වාගෙන යනු ලබන ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා ඉල්ලුම්පත් එකවිට යොමු කළ විට කර්මාන්තකරුගේ ඉල්ලීම අනුව එක් පරීක්ෂණ ගාස්තුවක් පමණක් අය කිරීම.(මෙය එම ක්‍රියාකාරකම කිහිපය සදහා විවිධ කාලවලදී ඉල්ලුම්පත් යොමු කළවිට මෙම ප්‍රතිලාභය හිමි නොවේ)5. පරිසර ආරක්ෂණ බලපත්‍ර ගාස්තුව වන රු.4500.00 ක මුදල වාරික තුනකින් ගෙවිය හැක.පරිසර බලපතය ලබා දෙනුයේ සියලු මුදල් ගෙවීමෙන් පසුය.
අංක 2264/18 දරණ 2022.01.27 දිනැති ගැසට් නිවේදනයේ ඈ කොටස යටතේ ඇති නියමිත කර්මාන්ත කටයුුතු සම්බන්ධයෙන් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කළයුතු කර්මාන්ත හදුන්වා දී ඇත.
01.සේවක සංඛ්‍යාව 10ක් හෝ ඊට වැඩි පිරිසක් නියුක්තව සිටින ඉටිපන්දම් නිෂ්පාදන කර්මාන්ත
02. සේවක සංඛ්‍යාව 5ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින බතික් කර්මාන්ත
03. සේවක සංඛ්‍යාව 5ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජ මට්ටමේ රෙදි සෝදන ස්ථාන(ලොන්ඩ්‍රි)
04.රෙදි වියන යන්ත්‍ර/මැෂින් 10ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත අත් යන්ත්‍ර පෙහෙකම්හල් හෝ ගෙතිමේ හො එම්බ්‍රොයිඩර් කිරීමේ කර්මාන්ත
05.දිනකට ලීටර 200 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වානිජ මට්ටමේ පොල් තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත
06.පොල් තෙල් සහ ආයුර් වේද තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත හැර දිනකට ලීටර් 10කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ ශාක තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත
07. දිනකට ලීටර 200 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත මධ්‍යසාරමය නොවන බීම වර්ග නිෂ්පාදනය කිරිමේ හෝ බෝතල් ගත කිරීමේ කර්මාන්ත
08.දිනකට කිලෝග්‍රෑම් 500 හෝ ඊට වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහිත වියළි සැකසුම් ක්‍රියාවලි සහිත වී මෝල්
09.මසකට දිනකට කිලෝග්‍රෑම් 1000කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත ඇඹරුම්හල්
10. සේවක සංඛ්‍යාව 10ක් හෝ ඊට වැඩි සහ 25ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දුම්කොළ ආශ්රිත වෙනත් නිෂ්පාදන කර්මාන්ත
11.එක් තොගයකට කිලෝග්‍රෑම් 250 හෝ ඊට වැඩි යෙදවුම් ධාරිතාවක් සහිත සල්ෆර් දුම් ගැසීමේ කර්මාන්ත
12. සේවක සංඛ්‍යාව 5 ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාරයට ගන්නා ලුණු ඇසුරුම් කිරීමේ සහ සැකසුම් කිරිමේ කර්මාන්ත
13. සේවක සංඛ්‍යාව 5ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජමය තේ මිශ්‍ර කිරීමේ/මුහුවම් කිරීමේ කර්මාන්ත
14. සේවක සංඛ්‍යාව 5 හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර නිෂ්පාදනය කිරීමේ හෝ සකස් කිරීමේ හෝ සකස් කිරීමේ කර්මාන්ත
15.දිනකට පිටි කිලෝග්‍රෑම් 250ට අඩු ප්‍රමාණයක යෙදවුම් ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ බේකරි සහ රස කැවිලි නිෂ්පාදන කර්මාන්ත
16.ඕනෑම අවස්ථාවක වැඩුණු පක්ෂින් 100 හෝ ඊට වැඩි සහ 500ට අඩු සංඛ්‍යාවක් සිටින කුකුලු ගණයේ පක්ෂී ගොවිපලවල්
17.ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 05 ක හෝ ඊට වැඩි සහ 10 ට අඩු සංඛ්‍යාවක් සිටින ඌරු හෝ ගව ගොවිපලවල්
18. ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 25 ක් හෝ ඊට වැඩි සහ 50 ට අඩු සංඛ්‍යාවක් සිටින එලු ගොවිපලවල්
19.වැඩුණු සතුන් මුලු එකතුව 100ක් හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛ්‍යාවක් සිටින මිශ්‍ර ගොවිපලවල්.මිශ්‍ර ගොවිපලවල් සදහා අනුපාතය=පක්ෂින් සංඛ්‍යාව+(50*(ඌරන් සංඛ්‍යාව+ගවයින් සංඛ්‍යාව+10*(එලුවන් සංඛ්‍යාව))
20.ගබඩා ධාරිතාවය ඝන මීටර් 100 ක් හෝ ඊට වැඩි පළතුරු හෝ එළවලු හෝ මාංශ හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය ගබඩා කරන ස්ථාන
21.කොන්ක්‍රීට් පෙරසවි කර්මාන්ත
22.යන්ත්‍රානුසාරයෙන් සිමෙන්ති බ්ලොක් ගල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත
23.දිනකට නිෂ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් 20ට අඩු ප්‍රමාණයක් සහිත හුණු පෝරණු
24.සේවක සංඛ්‍යාව 5 කට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුක්තව සිටින ප්ලාස්ටර් ඔෆ් පැරිස් අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්නා ඕනෑම කර්මාන්තයක්
25.බෙලිකටු කැබලි කිරීමේ/පතුරු කිරීමේ කර්මාන්ත
26.උලු සහ ගඩොල් පෝරණු
27.වීදුරු ද්‍රව කිරීමේ ක්‍රියාවලිය රහිතව වීදුරු භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත
28.කලු ගල් කැපීමේ සහ ඔප දැමීමේ කර්මාන්ත
29.පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර එක් බෝර වලක් බැගින් පුපුරවමින් සිදු කරනු ලබන ශිල්පීය කැණිම් කටයුතු
30.දිනකට ඝන මීටර් 25ට අඩු ඉරුම් ධාරිතාවක් සහිත ලී මෝල් හෝ සේවක සංඛ්‍යාව 05 හෝ ඊට වැඩි සහ 10කට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දැව ආශිත කර්මාන්ත
31.දැව පදම් කිරීම සදහා බෝරෝන් පිරියම් ක්‍රමය භාවිතා කරන කර්මාන්ත
32.බහුකාර්ය වඩු කාර්මික යන්ත්‍ර භාවිතා කරන වඩු කර්මාන්ත
33. සේවක සංඛ්‍යාව 05ක් හෝ ඊට වැඩි සහ 10ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින නේවාසික පහසුකම් රහිත හෝටල් හෝ අවන්හල් හෝ උත්සව ශාලා හෝ සේවක සංඛ්‍යාව 10ක් හෝ ඊට වැඩි සහ 20ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර පිළියෙල කිරීමේ ස්ථාන හෝ ආහාර සැපයීමේ සේවා
34.පදිංච් සංඛ්‍යාව දිනකට 25ක් හෝ ඊට වැඩි සහ 100ට අඩු පුද්ගලයන් ප්‍රමාණයක් සිටින නේවාසිකාගාර හෝ එවැනි ලැගුම්හල්
35.විසිරි පින්තරු කිරීම් හෝ වාහන වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කිරීම් හෝ සවි කිරීම් සිදු නොකරන වාහන අලුත්වැඩියා කිරීමේ හෝ නඩත්තු කිරීමේ කටයුතු සිදුකරන ගරාජ්
36.වාහන සේවා සිදු නොකරන බහාලුම්(කන්ටේනර්)පර්යන්ත
37.ඊයම් උණුකිරීම ඇතුලත් නොවන මුද්‍රණය කිරීමේ යන්ත්‍ර
38.මෘත ශරිර කල් තබා ගැනීමට සකස් කිරීම සහිත මල් ශාලා
39.මෙම උපලේඛනයේ ඈ කොටසේ ඇතුලත් නොවන එක් වැඩ මුරයකට සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 50 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ඕනෑම ක්‍රියාකාරකමක්/කර්මාන්තයක්
මෙම අභ්‍යන්තර ප්රතිත්තියේ ප්රතිලාභ ලබා ගැනීමට සැපිරිය යුතු කොන්දේසි
- ඉහත දක්වා ඇති කුඩා ව්‍යාපාර සදහා පමණක් මෙම ප්රතිලාභ හිමි වනු ඇත.
- පරිසර බලපතය ලබා දෙනුයේ සියලු මුදල් ගෙවීමෙන් පසුය.
- ආයතනික ප්‍රධානියාගේ තීරණයන්ට යටත්ව ගන්නා සියලු තීරණ සදහා එකග විය යුතුය.
ක්ෂුද්‍ර කර්මාන්තකරුවන්ට හා අවිධිමත් ව්‍යාපාරකරුවන්ට ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් පනවා ගත් අභ්‍යන්තර ප්‍රතිපත්තිය තුළින් මනා පිටිවහලක් ලැබෙනු ඇත.
👇 බාගතකිරීම්