(අල්පිටිය, ගොඩකවෙල)


ආදාහන කටයුතු සිදු කරන වේලාවන් ප.ව 2 .00 / ප.ව 4.00 / ප.ව 6.00
ආදාහනාගාරය වෙන් කරවා ගැනීම සඳහා ඇමතුම් අංක
| ගොඩකවෙල ප්‍රාදේශිය සභාව | – | 045 22 400 31 |
| ආදාහන විශය නිළධාරි | – | 070 33 28 136 |
ආදාහනාගාරය වෙන් කරවා ගැනීම සඳහා අවශ්‍ය ලියවිලි
- මරණය ලියාපදිංචිය සිදුකරන ස්ථානයෙන් ලබා ගත් මරණ සහතිකය හෝ රෝහලකින් නිකුත් කරන ලද මරණ සහතිකය
- මරණය නිවසේදී සිදුවුයේ නම්,
වසමට අදාල ග්‍රාම සේවා නිළධාරිතුමා දැනුවත් කර ලිපියක් ලබා ගැනීම අනිවාර්‍ය වෙයි.
ග්‍රාම සේවා නිළධාරි විසින් ලබා දුන් ලිපිය වසමේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්තුමාට යොමු කොට මෘත දේහයට අදාල මරණ සහතිකය ලබා ගත යුතු ය.
මරණ සහතිකයේ ආදාහනය ගොඩකවෙල නිසල සෙවන ආදාහනාගාරයේ දී සිදු කරන බව සඳහන් ව තිබීම අනිවාර්‍ය වෙයි.
- මිය ගිය අයගේ අන්‍යතාවය තහවුරු කල හැකි ජා.හැ.පත / වැඩිහිටි හැදුනුම් පතේ පිටපතක්,
- මිය ගිය තැනැත්තාගේ භාරකරුගේ (ලේ ඥාතියෙක් විය යුතුය) ජා.හැ.ප පිටපතක්.
ආදාහනය සදහා අය කිරීම්
| ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ | 15000.00 |
| ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් පිටත | 17000.00 |
අප වෙතින් ඔබ වෙත සැපයෙන අමතර පහසුකම්
- ආදාහනාගාර සේවාව සදහා වේලාව මාර්ග ගත ක්‍රමය හරහා වෙන් කරවා ගැනීමේ හැකියාව.
- ආදාහනාගාර පරිශ්‍රය තුලම පාංශූකූල පිංකම සිදුකිරීම සදහා අවශ්‍ය සියළු පහසුකම්.
- ආදාහනාගාරය සැරසීම සඳහා සුදු කොඩි කණු පද්ධතිය
මිය ගිය අයට පිං පිණිස පහත ආකාරයට පරිත්‍යාගයන් සඳහා ඔබට දායක විය හැකිය.
- පෝච්චියක් හා බෝගනවිලා මල් පැළයක් රැගෙන විත් අළු තැන්පත් කර පැළය සිට විම. (පොහොර සහ ඒ සඳහා සහය ආදාහනාගාර සේවකයන් විසින් සපයනු ලැබේ.)
- උද්‍යයානයේ වැට සඳහා ක්‍රිස්ටිනා පැළ රැගෙන විත් සිටු විය හැක.
- උද්‍යාන අලංකරණය සඳහා විසිතුරු පැළ පරිත්‍යාග කල හැක.
- ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කිරීම.
