
ගොඩකවෙල නම් වන ඓතිහාසික වටිනාකමකින් යුත් රමණීය ප්‍රදේශය තුළ වර්ෂ 1981 දී අටකලන්පන්න සංවර්ධන සභාව ආරම්භ කරනු ලැබූ අතර, ගොඩකවෙල නගරයේ වෙළඳ සංකීර්ණය තුළ දිගු කලක් තිබූ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල 2012-09-12 වන දින හිටපු සභාපති වී.ජී.මංගලතිස්ස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වර්ග අඩි 1755කින් යුත් විධිමත් ගොඩනැගිල්ලක් ලෙස පිහිටවා ආරම්භ කරනු ලැබීය.
මහජන පුස්තකාලයේ වර්තමානය දක්වා වූ පිහිටීම :
- ගොඩකවෙල නගරය – කුඩා ගොඩනැගිල්ල
- 1985 – අටකලන්පන්න ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ගොඩකවෙල
- 1994 – අටකලන්පන්න ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල, වෙළඳ සංකීර්ණය – ගොඩකවෙල
- 2012-09-12 – ගොඩකවෙල ප්‍රාදේශීය සභාව – මහජන පුස්තකාලය – ගොඩකවෙල
1981-03-05 දින පුස්තකාලයට ලබාගත් මුල්ම පොත සූත්‍ර ධර්මය හා ශාසන ඉතිහාසය පරිග්‍රහන අංක 01 යටතේ ලේඛන ගතකරඇති අතර 1981-06-03 දින පුස්තකාලයේ මුල්ම සාමාජිකයා ලෙස සුරත් අභයවික්‍රමසිංහ ගුණවර්ධන මහතා ලියාපදිංචි කර ඇත.
පුස්තකාලයේ වත්මන් දියුණුව හා ඉටුවන සේවාවන්
ගොඩකවෙල ප්‍රදේශයට තිබූ එක් විශාල අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් 2012-09-12 වන දින සිට නව මුහුණුවරකින් මෙම තොරතුරු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කර විවෘත කරන ලදී. නව පුස්තකාල ගොඩනැගිල්ලට පිවිසෙන විට පොත් සංඛ්‍යාව 8,472ක් පමණ වූ අතර 2023 ජූලි වන විට පොත් 20,596 ක් දක්වාත්, ලියාපදිංචි සාමාජික සංඛ්‍යාව 8,230 ක් දක්වාත් වැඩිකර ගත හැකි වූයේ ස්වර්ණමය මාවතක සලකුණු සටහන් කරමිනි. තුන් වන ශ්‍රේණියේ පුස්තකාලයක් ලෙස පවත්වාගෙන ආ ගොඩකවෙල මහජන පුස්තකාලය දෙවන ශ්‍රේණියට ශ්‍රේණිගත කර ගැනීමට 2019 ජූනි මස හැකිවිය.
පුස්තකාලය විවෘතව තබන දින හා වේලාව
සතියේ දින පහ තුළ මෙන්ම සති අන්තයේ සෙනසුරාදා දිනයේ පෙ.ව. 8.00- ප.ව.4.45 දක්වා ගොඩකවෙල මහජන පුස්තකාලය විවෘතව තැබෙන අතර රජයේ ප්‍රසිදීධ නිවාඩු දින පමණක් පුස්තකාලය වසනු ලැබේ. පුස්තකාලයේ ඇති සෑම අංශයක්ම එම සෑම දිනකම විවෘතව ඇත.
පුස්තකාලයේ ක්‍රියාත්මක වන අංශ
1.පොත් බැහැර දෙන අංශය
2.පුවත්පත් අංශය
3.සඟරා අංශය
4.විමර්ශන අංශය
5.ළමා අංශය
6.ප්‍රජා තොරතුරු සේවා අංශය
7.පුවත්පත් ලිපි කැපුම් සේවා අංශය
8.පුස්තකාලය තුළ පොත් කියවීමේ අංශය