ආයුර්වේද මධ්‍යස්ථානය කවුඩුවාව

මහජන සෞඛ්‍යය පිලිබඳව මහජනතාවට සමීපතම පළාත් පාලන ආයතනය ලෙස අපට පවතිනුයේ සුවිශාල වගකීමකි. සංවර්ධන සභා යුගයේ සිට පැවත එන ආයුර්වේදය බලප්‍රදේශයේ මහජනතාවට සමීපතම වෛද්‍ය මධ්‍යස්ථානය බවට පත්ව ඇත. ආයුර්වේද මධ්‍යස්ථානය පිහිටි පරිසර පද්ධතියෙහි, ඉතා වටිනා දුර්ලභ ගණයේ ඔසු පැළෑටිවලින් යුත් ඔසු උයනකින් ද සමන්විත වෙයි.

  • කවුඩුවාවේ පිහිටි අපගේ  නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානයේ දී රජයේ නිවාඩු දින හැර සතියේ දින පහේ දී උදෑසන 08.30 සිට සවස 3.30 දක්වා ප්‍රතිකාර කරනු ලබයි. 
  • අප පවත්වනු ලබන ජංගම ‍ වෛද්‍ය සායන මහජනතාවගේ ඉල්ලීම් සලකා බලමින් බලප්‍රදේශයේ ඕනෑම ස්ථානයක පැවැත්වීමට අප ක්‍රියා කරන්නෙමු.

ලබාගත හැකි සේවාවන්..

  • ළමා රෝග සඳහා ප්‍රතිකාර (පණු රෝග, පෝෂණ ඌනතා රෝග).
  • සත්‍රී රෝග සඳහා ප්‍රතිකාර (මදසරු භාවය, දරු ඵල ප්‍රමාද වීම, සුද යාම).
  • රූපලාවන්‍ය රෝග සඳහා ප්‍රතිකාර (කුරුළෑ, අකලට හිසකෙස් පැසීම/වැටීම, අධික ස්ථුලභාවය, සම අවපැහැ ගැන්වීම්, ඉන්නන්).
  • සන්ධිගත රෝග සඳහා ප්‍රතිකාර(සියළුම සන්ධි ආශිත රෝග).
  • වකුගඩු හා අක්මාවේ රෝග සඳහා ප්‍රතිකාර (මුත්‍රාගල්, පිත්තාශ ගල්, මුත්‍රා සමග ඇල්බියුමින් පිටවීම. අක්මාවේ මේදය තැන්පත්වීම).
  • චර්ම රෝග සඳහා ප්‍රතිකාර(දද, කුෂ්ට, අලුහම්, පොතු කබර, සුදු කබර).
  • කැඩුම් බිඳුම් රෝග සඳහා ප්‍රතිකාර.
  • ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර.
  • පංචකර්ම ප්‍රතිකාර.
  • මානසික රෝග උපදේශන සේවය.

දු.ක. – 045 22 73 415