ගොඩනැගිලි හා මිනින්දෝරු සැලසුම් අනුමත කිරීම

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ,

  • නාගරික සංවර්ධන බල ප්‍රදේශයට අයත් මහල් 4ට අඩුවෙන් ඉදිකිරීමට යෝජිත ගොඩනැගිලි වෙනුවෙන් හා පර්චස් 6කට නොඅඩු බිම් කට්ටි සැලැසුමක් නීත්‍යානුකූලව අනුමත කර ගැනිම සඳහා අවසරය ලබා දීම, හා
  • නාගරික සංවර්ධන බල ප්‍රදේශයට අයත් නොවන ඕනෑම යෝජිත ගොඩනැගිලි සැලසුම් වෙනුවෙන් සහ පර්චස් 6කට නොඅඩු බිම් කට්ටි සැලැසුමක් නීත්‍යානුකූලව අනුමත කර ගැනිම සඳහා අවසරය ලබා දීම මෙහි දී සිදු වෙයි.
ගොඩනැගිලි සැලසුම හෝ මිනින්දෝරු සැලසුම අනුමත කිරීම සඳහා උපදෙස්

අවශ්‍ය කරන ලියවිලි

1.      සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය

2.      ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නිකුත් කරන ලද භූමි යෝග්‍යතා වාර්තාව (NBRO)

3.      නිවැරදිව  සැලසුම්කර අදින ලද ගොඩනැගිලි සැලසුමේ පිටපත් 03 ( 1:1000 පරිමාණයට අනුව) මිනින්දෝරු සැලසුම පමණක් අනුමත කරන්නේ නම් මෙය අවශ්‍ය නොවේ.

4.      අදාළ ඉඩමේ ලියාපදිංචි කල ඔප්පු පිටපත

5.      අදාළ ඉඩමේ මිනින්දෝරු සැලසුමේ පිටපත් 03 ( සත්‍ය පිටපත් ලෙස සහතික කළ)

6.      ඉඩමට අදාළ මුල් මිනින්සෝරු සැලසුම හෝ ගම් පිඹුර

7.      ඉදිකිරීම් ස්වභාවය අනුව වෙනත් ආයතනවල නිර්දේශයන්

අයදුම්පත සම්පූර්ණ විය යුතු පිළිවෙල
  1. කාර්යාලයට මුදල් ගෙවා ලබා ගන්නා ලද අයදුම්පත නිවැරදිව සම්පුර්ණ කර අයදුම්කරු අත්සන් කර දිනය යොදා කිබිය යුතු ය.
  2. අයදුම්පතෙහි (නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයට අයත්) සුදුසුකම්ලත් පුද්ගලයා වශයෙන් මිනින්දෝරු සැලසුම අදින ලද අය විසින් නිල මුද්‍රාව තබා අත්සන් කළ යුතුය.
  3. ගොඩනැගිලි සැලසුම් පිටපත් වලද අයදුම්කරු හා සැලසුම අසින අය විසින් (නිල මුද්‍රාව සහිතව) අත්සන් කල යුතුය.
  4. මිනින්දෝරු පිටපත් අදාළ මිනින්දෝරු තැන විසින් සත්‍ය පිටපතක් ලෙස සහතික කළ යුතු ය.
  5. ඉදිකිරීම් ස්වභාවය අනුව වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු හෝ වරලත් ඉංජිනේරු වරයෙකුගේ අනුමැතිය ලබාගත යුතුය.
  6. ඉහත ආකාරයට සම්පුර්ණ කල අයදුම්පත සමඟ අදාළ ලියවිලි ආයතනයේ විශය භාර නිලධාරි වෙත යොමු කරන්න.
ගොඩනැගිලි අයදුම්පත සමඟ රැගෙන ආ යුතු ලියවිලි

ප්‍රාදේශීය සභාවට සම්පූර්ණ කරන ලද අයදුම් පත සමඟ රැගෙන ආ යුතු ලියවිලි

  • NBRO report 01
  • ඔප්පුවෙ පිටපත් 01
  • මිනින්දෝරු සැලැස්මේ පිටපත් 03(සත්‍ය පිටපත්)
  • ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 03
  • ඉඩමේ මුල් මිනින්දෝරු පිඹුර 01

 වැඩිදුර තොරතුරු – 045 2240031

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට රැගෙන යා යුතු ලියවිලි 

  • ජාතික හැදුනුම්පතේ පිටපත් (ඉඩම හිමිකරුගේ හා අයදුම්කරුගේ)
  • මිනින්දෝරු සැලැස්මේ පිටපත් 02
  • ඔප්පුවෙ පිටපත් 01
  • ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 01

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,

නව නගරය,

රත්නපුර.

045 2222805

අයදුම්පත්‍ර බාගත කිරීම්

👉 ගොඩනැගිලි අයදුම්පත – නාගරික සංවර්ධන බල ප්‍රදේශයට අයත්

👉 ගොඩනැගිලි අයදුම්පත- නාගරික සංවර්ධන බල ප්‍රදේශයට අයත් නොවන